Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th September 2020 09:47:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භටපිරිස් විසින් රෝගීනට සවියක් වීම සඳහා සිය ලේ දන්දෙති

බ/දියතලාව මධ්‍ය මහ විද්‍යාලීය ආචාර මණ්ඩලය විසින් 09 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුරක් 2020.09.25 දින 0830 පැයේ සිට 1530 පැය දක්වා එම විද්‍යාලීය පරිශ්‍රයේදී සාර්ථක අයුරින් පවත්වන ලදී.

එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත මෙම මුල ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම මුල හා යටතේ රාජකාරි නියුතු සෙබලුන් 25 දෙනෙකුගේ පුර්ණ දායකත්වය ලබාදෙන ලදි. එමෙන්ම ඒ සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරිහට සහ සහභාගි වු භඨපිරිස් මෙන්ම සමස්ථ යුද්ධ හමුදා සාමාජිකයින් සිහිපත් කරමින් සංවිධායක මණ්ඩලය විසින් හදපිරි කෘතඥතාවය ප්‍රකාශ කරණ ලදි.