Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd September 2020 16:07:50 Hours

ඓතිහාසික පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ “දළදා සපුව” ශාඛය යුද්ධ හමුදා භඨපිරිස් ශ්‍රමදායකත්වය මත සංරක්‍ෂණය සිදු කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුසුල් පිටිය රජමහා විහාරය යනු එළාර රජු අනුරාධපුරය පාලනය කල අවධියේ දුටු ගැමුණු මහරජ තුමන් සිය තරුණ අවධිය ගෙවු ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන අතර, එම විහාරස්ථානයේ පිහිටි ඓතිහාසික උරුමකමක් ඇති වෟක්ෂයක් වන දළදා සපුවෙහි හට ගෙන ඇති විලෝපිය බේදුරු ශාකයක් 2020.09.12 වන දින සිට 16 වන දින දක්වා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත ඉතා පරිශ්‍රමයක් යොදා 80% ප්‍රමාණයක් ගලවා ඉවත් කරන ලදී.

ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 111 පාබල බළසේනා මුලස්ථානයෙහි පුර්ණ අධික්‍ෂණයෙන් යුතුව 19 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි රාජකාරි කරණු ලබන නිලධාරින් තිදෙනෙකු හා සෙසුනිලයින් 15 දෙනෙකු සහභාගි වන ලදි.