Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th September 2020 09:32:29 Hours

මෙම මුලයෙහි පාලන ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත්, නි/4897 ලුතිතන් කර්නල් එච් ඩබ්ලිව් ඒ බණ්ඩාරනායක ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 සැප්තැම්බර් මස 14 වන දින පෙ:ව 1058 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා “පා” ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව මණ්ඩලික 1 (පාලන) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී