Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th September 2020 23:10:50 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් උපාධිධාරීන් පුහුණු කිරීමට නියමිත පුහුණු පාසල් වෙත නිරීක්‍ෂණ සංචාරයක නියැළෙයි

“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව යුද්ධ හමුදා මූලිකත්වයෙන් උපාධිධාරීන් 50000 ක් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත මෙම මුලය යටතේ පාලනය වන පුහුණූ පාසල් වල පහසුකම් හා පවතින තත්වය සොයාබැලීම සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩීසීකේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.09.08, 09, 10 දිනයන්හී නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

එහිදි මෙම මූලය යටතේ ඇති පාබල සේමු, පාබල බසේමු, පුහුණු පාසල් හා ඒකකයන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් ඇතුළු පුහුණු වැඩසටහනේ උපදේශකවරුන් සමඟ පුහුණු වැඩසටහනේ ඉදිරි සැලැස්ම පිළිබඳව සාකච්ඡා කරන ලදි.