Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th September 2020 22:56:27 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම වෙතින් පවත්වාගෙන යනු ලබන උපාධිධාරින් පුහුණු කිරිමේ වැඩමුළුවේ ආරම්භක දේශණය

“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව රාජ්‍ය අංශයට බඳවාගත් උපාධිධාරීන් 50000 ක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරම්න් ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ වැඩමුළුවේ ආරම්භක දේශන 2020.09.14 වන දින මෙම මූලය යටතේ පාලනය වන පුහුණු පාසල් හීදි ආරම්භ කරන ලදි.

රාජ්‍ය අංශය වෙත බඳවාගනු ලබන මෙම උපාධිධාරින්ගේ මානසිකත්වය බඳවා ගැනීමේ සිට විශ්‍රාම දිවිය දක්වාම යහපත් ලෙස පවත්වාගෙන යාමෙහි අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් පවත්වනු ලබන යුද්ධ හමුදා පුහුණු පාඨමාලාව නායකත්වය, කළමනාකරණය, අවධානය, විශ්වාසය සහ දිගුකාලීන හා කෙටිකාලීන අරමුණු සඳහා ඵලදායී හා කාර්යක්‍ෂමව කටයුතු කිරී‍මේ අරමුණින් පැවැත්වෙයි. තත් අවස්ථාවන් සඳහා මෙම මුලය යටතේ පාලනය වන පාබල සේනාංක මූලස්ථාන සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක,පුහුණු පාසල් අණදෙන නිලධාරින් සහ වැඩමුළුව සඳහා උපදේශක මඩුල්ල වශයෙන් කටයුතු කරනු ලබන නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වන ලදී.