Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th September 2020 08:49:54 Hours

11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස නි/61049 බ්‍රිගේඩියර් එස්එම්එස්පීබි සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.09.03 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සේනාංකාධිපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන්හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සේනාංකාධිපති තුමන් හට පිරිනමන ලදි. පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ 11 පාබල සේනාංකයේ හා එම සේනාංකය යටතේ පාලනය වන පාබල බසේමු/ ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, සේනාංකාධිපති තුමන් සියළු නිලයින් ඇමතීමෙන් පසු සියළු නිලයින් එක්ව සේනාංකාධිපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.