Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th August 2020 07:24:07 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් මොණරාගල තම්පලාවෙල දඹගල්ල ප්‍රදේශයේ කොන්ගොල්ල කන්ද 2020.08.22 වන දින ප:ව 1230 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ 121 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩී යු එන් සේරසිංහ ආඩබ්ලිව්පි ආරඑස්පි යන නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය මත නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයින් විසිපස්දෙනෙකුගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.