Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th August 2020 09:24:09 Hours

ආකල්ප සංවර්ධනය තුලින් යහපත් පවුල් සංස්ථාවක් ගොඩනගා ගැනීමේ දේශණයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත ආකල්ප සංවර්ධනය තුලින් යහපත් පවුල් සංස්ථාවක් ගොඩනගා ගැනීමේ දේශණයක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් 2020.08.12 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා දියතලාව ස්වේච්ඡා පුහුණු පාසැල් දේශණ ශාලාවේදී පවත්වන ලදි.

ඒ සඳහා දේශක වශයෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරි නියතු ලුතිතන් කර්නල් සමන්ති බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමිය සහභාගි වු අතර, එමගින් මිනිසා විසින්ම මතුකර ගන්නා ගැටළු, ජීවිතයේ යථාර්තය, ආකල්ප සංවර්ධනය පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි. මෙම දේශණය සඳහා මෙම මුලය යටතේ පාලනය වන පුහුණු පාසල් සහ ඒකකයන්හී රාජකාරි නියතු 10 x 116 භට පිරිස් ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වුහ.