Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th July 2020 20:49:31 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

11 වන සේනාංකය වෙතින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් වන පස්සර පැල්ගහතැන්න නිරොධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික වැසියන් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.07.15 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.