Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th July 2020 21:58:42 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යමහි ආඥාපති තුමන් 111 බසේමු සහ ඒ යටතේ ඇති ඒකකයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.09 සහ 10 දෙදින තුල 111 බලසේනා මුලස්ථානය හා 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන ගජබා රෙජිමේන්තුව, ශ්‍රි ලංකා රයිෆල් බළකාය යන ඒකකයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා 111 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඒ එම් එන් එච් බංඩාරණායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 2 ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ඒ එම් ඩබ්ලිව් පී අබේසේකර, 10 ගරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ඒ ජෙ එස් අබේනායක ආර්එස්පි, ශ්‍රිලංරබ ඒකක අණදෙන නිලධාරි කර්නල් ආර් එම් එච් ජයතිස්ස යන අණදෙන නිලධාරි වරුන් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, 2020.07.10 දින ආඥාපති තුමන් විසින් ශ්‍රිලංරබ ඒකකයේ කඳවුරු භූමිය තුල අඹ පැලයක් රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් භඨපිරිස් ඇමතිමෙන් පසු සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කරන ලදී. තවද, වික්ටෝරියා ජලාශයේ රාජකාරි ඉටුකරනු ලබන ශ්‍රිලංකා රයිෆල් බළකායේ සෙනින්ගේ භඨනිවාස ආඥාපති තුමන් විසින් පරික්‍ෂා කර අනතුරුව සංචාරය නිමාවට පත් කරන ලදී.