Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd July 2020 21:53:47 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ශ්‍රි ලංකා පාබල හමුදාවට අයත් නි/62588 කර්නල් එස් ඒ යු ඒ සෝලංගආරච්චි ආර්එස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 ජුලි මස 01 වන දින පෙ:ව 1030 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.