Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th June 2020 15:55:09 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යමහි ආඥාපති තුමන්ගේ සංචාරය

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.06.29 වන දින 3 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව ඒකකයෙහි නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාවන් සඳහා 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ ඒ පි එදිරිවීර ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් කිහිප දෙනෙකු සහභාගි වන ලදි. තවද, ආඥාපති තුමන් 3 ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව් ඒ එම් රණතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, පසුව එම ඒකකයේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් ඇමතීමෙන් පසු නිලධාරි නිවස්නයේ තේ පැන් සංග්‍රහයක් හට එක්වී සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කරන ලදී.

ඉන් අනතුරුව පිදුරුතලාගල සම්ප්‍රේශන මධ්‍යස්ථානයෙහි රාජකාරි ඉටුකරනු ලබන 3 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ඒ කණ්ඩායම වෙත ආඥාපත් තුමන් සංචාරය සිදු කරනු ලබන අතර, පසුව ශ්‍රි ලංකාවේ උසම ස්ථානයේ ඉදිකරන ලද බෞද්ධ සිද්ධස්ථානය වැඳපුදා ගැනිමෙන් අනතුරුව සංචාරය නිමාවට පත් කරන ලදී.