Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th June 2020 14:05:30 Hours

විනිවිධ දැකීම හා යථාවබෝධය පිළිබඳව දේශණයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත ‘‘PENETRATIVE MIN AND REALIZATION’’ විනිවිධ දැකීම හා යථාවබෝධය පිළිබඳ දේශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් සෙසු නිලයින් සඳහා 2020.06.25 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම සෙසු නිල භෝජනාගාරයේදිත්, නිලධාරින් සඳහා 1430 පැයේ සිට 1730 පැය දක්වා මෙම මූල නිලධාරි නිවස්නයේදී ද පවත්වන ලදි.

ඒ සඳහා දේශක මඩුල්ල වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරි නියතු ලුතිතන් කර්නල් සමන්ති බංඩාර සහ මනෝවිද්‍යා දේශක මේජර් ටි පී ජී කේ පි ද අල්විස් ආර්ඩබ්ලිව්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගි වු අතර, එමඟින් මිනිසා විසින්ම මතුකර ගන්නා ගැටළු හා ජීවිතයේ යතාර්ථය පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි. මෙම දේශණය සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර මෙම මුලය යටතේ පාලනය වන පුහුණු පාසල් සහ ඒකකයන්හී රාජකාරි නියතු නිලධාරින් හා සෙසු නිලයින් 22 x 100 ක ප්‍රමාණයක් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.