Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th June 2020 11:22:11 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනංක බළප්‍රදේශයට අයත් ගිනිගත්හේන නගරය අවට හා මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව හා මහකන්ද යන ප්‍රදේශයන්හි ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.25 දින 0900 පැයේ සිට 1500 පැය දක්වා සිදුකරන ලදි.

මහයියාව හා මහකන්ද යන ප්‍රදේශයන්හි 2 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ හා 10 වන ගජබා රෙජිමේන්තුවේ සෙසු නිලයින් 20 කින් යුත් භටපිරිසක් ද, පොලිස් නිලධාරින් 10ක්, ප්‍රජා සෞඛ්‍ය නිලධාරින් 09ක්, පවුල් සෞඛ්‍ය නිලධාරින් 08ක්, කම්කරුවන් 04ක් හා වෛද්‍ය නිලධාරියෙකු මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා සහභාගි වු අතර, එහිදි නිවාස 541ක ප්‍රමාණයක් පරීක්‍ෂාවට ලක්කරන ලදී. තවද, 19 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ සෙසු නිලයින් 05 කින් යුත් භටපිරිසක් ගිනිගත්හේන නගරය අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදී ඇත.