Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2020 10:56:18 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනංක බළප්‍රදේශයට අයත් කටුකැලේ, කිරිබත්කුඹුර, ඔගස්ටවත්ත, රජවැල්ල, නියංගන්දොර සහ දික්ඔය ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.12 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 111 බළසේනා මුලස්ථානය හා 112 බළසේනා මුලස්ථානයේ රාජකාරි නියතු නිලධාරි/සෙසුනිලයින් 1x51 සහ සෞඛ්‍ය පරික්‍ෂකවරුන් අතුළු ප්‍රදේශවාසින් එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදි ඇත.