Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th June 2020 11:55:09 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 49 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි.

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් රංටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 49 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.08 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි