Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd June 2020 16:04:40 Hours

11 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති තුමන් වැඩ භාර ගැනිම

මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබිලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.06.01 වන දින ආගමික වතාවත් සිදුකර සුභ මොහොතින් සිය නව තනතුරේ වැඩ භාරගැනීම සිදු කරන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් යුද්ධ හමුදාවේ නොයෙකුත් උසස් මුලස්ථානයන්හි විවිධ රාජකාරි ඉටුකර මහත් අත්දැකිම් බහුල නිලධාරියකු වේ. සේනාංකාධිපති තුමන් හට 10 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව සේනාංක මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසු සේනාංක මුලස්ථානයේ සියළුම නිලධාරින් හා සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්විය. මෙම අවස්ථාව සිහිකරමින් සේනාංකාධිපති නිල නිවසේ අඹ පැලයක් රෝපණය කරන ලදි.