Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd May 2020 13:39:03 Hours

මේ දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අපදාවට පත් ස්ථාන හා පුද්ගලයින් පිළිබදව සොයාබැලීමට ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් නිරීක්‍ෂණ සංචාරයක් සිදුකරන ලදි‍

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ආපදාවන්ට ලක්වු අතර, එහි දී ආපදාවන් සිදුවු ස්ථාන කිහිපයක් හා ආපදාවන් වලට ලක්වු පුද්ගලයින්‍ පිළිබඳව සොයා බැලිම සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලුව 112 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ ඒ පි එදිරිවිර ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වන ලදි.