Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd May 2020 13:19:36 Hours

රටේ ඒකීයභාවයත්, සාමාන්‍ය ජනජීවිතවල හෙට දවසත් සුරක්‍ෂිත කරනු පිණිස ජිවිත පූජාකල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ රණවිරු සැමරුම් උත්සවය

11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමඟාමීව මධ්‍යම පලාත් රණවිරු සැමරුම් උත්සවය - 2020 මයිලපිටිය උද්‍යානයේදී 2020.05.19 වන දින පවත් වන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා සටනේදී මියගිය, ආබාදිත, අතුරුදහන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ඥාතීන් සහභාගී වූ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර වන ලලිත් යූ ගමගේ මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා(මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජී එම් ඒ එස් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන්,පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වන ලදී.