Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th May 2020 21:45:26 Hours

ශ්‍රි පාද වන්දනා සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ශ්‍රි පාද උඩමළුවේ සිට සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ නල්ල තන්නිය වෙත වැඩම කරවීම

ශ්‍රි පාද වන්ඳනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රි පාද මලුවේ සිට සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් 2020.05.08 වන දින නල්ලතන්නිය වෙත වැඩමවන ලදී.

මෙම උතුම් වු පුණ්‍ය කටයුත්ත සඳහා 19 වන ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරින් තිදෙනෙක් සහ සෙබළුන් හතළිස් පස් දෙනෙකු සිය ශ්‍රමදායකත්වය දැක්වු අතර, මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළුව 11 වන සේනාංකාධිපති, 112 බලසේනාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් වු පුණ්‍යමය කටයුත්ත සාර්ථක ලෙස නිම කරන ලදී.