Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th May 2020 20:34:49 Hours

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ සියළු ලෝකවාසී ජනයාට සෙත්පතා ආසේමු (මධ්‍යම) වෙතින් ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වීම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම්වු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ප්‍රධාන දේශන ශාලාවේදී ධර්ම දේශනා වැඩසටහනක් 2020 මැයි මස 07 වන දින 0500 පැයේ සිට සිදු කරන ලදි.

එම ධර්ම දේශනාව පැවැත්වීම සඳහා දියතලාව විහාරකැලේ පිරිවේනාධිපති ස්වාමිපාදයානන් වහන්සේ වැඩම කළ අතර, ඒ සඳහා මෙම මූලයේ රාජකාරි නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්‍/නිලධාරින් හා සෙසුනිළයින් මෙන්ම සිවිල් සේවක මහතුන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදි.

සියළුම ලෝකවාසී ජනතාව වෙත පැමිණ ඇති කොරෝනා වසංගත තත්ත්වයන්ගෙන් හා දුක් වේදනාවෙන් තොර සාමයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න හා නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමින් මෙම සඳහම් මොහොත නිමාවට පත් කරන ලදි.