Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd May 2020 10:24:51 Hours

සෙංකඩගල සිංහ සමාජය යුද්ධ හමුදාව වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය, සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨපිරිස්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සෙංකඩගල සිංහ සමාජය වෙතින් 2020.04.24 වන දින මුහුණු ආවරණ 30 ක ප්‍රමාණයක් 11 වන සේනාංකය වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම මුහුණු ආවරණ මහනුවර ජාතික රෝහලේ ලෙකඛාධිකාරි ක්‍රිඩා වෛද්‍ය හා ව්‍යායාම වෛද්‍ය ජි බී අසේල රත්නායක මහතා විසින් පරිත්‍යාග කල අතර, එය සංකේතවත් කරමින් සෙංකඩගල සිංහ සමාජය විසින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා වෙත පළමු මුහුණු ආවරණය පරිත්‍යාග කරන ලදි. එම මුහුණු ආවරණ විශේෂිත ප්‍ලාස්ටික් අමුද්‍රව්‍යකින් නිපදවා ඇති බවත්, නිරෝධායන කටයුතු වල නිරත වන සෙබළුන් හට පහසුවෙන් භාවිතාකල හැකි පරිදි කලීන අවශ්‍යතා අනුව නිපදවා ඇති බව මෙම කාර්යය සංවිධානය කරනු ලැබූවන් විසින් එම අවස්ථාවේ පවසා සිටින ලදී.