Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd May 2020 10:08:06 Hours

ඩිසයිනර් ෆැෂන් ෆැක්ටරි (පුද්) සමාගම විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මධ්‍යම බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨ පිරිස් හි ආරක්‍ෂාව වෙනුවෙන් ඩිසයිනර් ෆැෂන් ෆැක්ටරි (පුද්) සමාගමෙහි අධිපති නිලූකා පලිපාන මැතිණිය විසින් 2020.04.06 වන දින ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 30ක් 11 වන සේනාංකාය වෙත පරිත්‍යාග කරන ලදි.

මෙම ආරක්‍ෂිත ඇඳුම් කට්ටලය සංකේතවත් ලෙස 11 වන සේනාංකාධිපති ඩබ්ලිව් ජි ඒ එස් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත පරිත්‍යාග කරන ලදි. ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සෞඛ්‍යාරක්‍ෂිත, සාර්ථක නිෂ්පාදනයක් වන අතර, ආරක්‍ෂිත උපකරණ හිඟතාවයක් පවතින මෙම අවස්ථාවේදී නිරෝධායන කටයුතු හී නියුතුව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් හට මහඟු සේවාවක් ඉටු කල හැකි වේ.