Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th April 2020 11:27:07 Hours

23 ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයන් රුධිර පරිත්‍යාග කිරිම සඳහා දායකත්වය ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීම

දැනට උද්ගතවී ඇති කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම් තත්වය හේතුවෙන් රෝගී තත්වයට පත් අයවළුන් සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයින් වෙතින් ලේ පරිත්‍යාග කිරිමට කටයුතු සිදුකරදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂක විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙතින් ඉල්ලිමක් කර ඇත.

ඒ අනුව 12 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ එල් පී එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ලේ පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් 23 වන ගජබා රෙජිමේතුවේ රාජකාරි නියතු නිලධාරින් සහ සෙසු නිලයින් 42ක සහභාගින්වයෙන් 2020.04.16 වන දින රුධිරය පරිත්‍යාග කිරිම සඳහා පුර්ණ දායකත්වය ලබාදෙන ලදි.