Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th April 2020 11:10:43 Hours

සිත් සුව සවි දැවෙන සිත නිවෙන තැන යන තේමාව යටතේ වැඩමුළුවක් දියතලාව මුලික රෝහල් පරිශ්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වීම

දැනට රටතුල පවතින කොරෝනා වෛරස තත්වය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන හි සේවය කරමින් සිටින කාර්යය මණ්ඩලයට මෙන්ම නිරෝධායනයට ලක්ව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අයවළුන්ගේ කායික මානසික තත්වය මැනවින් පවත්වාගෙන යාම මුල්කොටගෙන දියතාලාව මුලික රෝහල වෙතින් 2020.04.18 වන දින දේශණ වැඩමුළුවක් පවත්වන ලදි.

එම අවස්ථාව සඳහා මෙම ආසේමු ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් හා දියතාලව පොලිස් ස්ථානාධිපති තුමන්, රෝහල් කාර්යය මණ්ඩලය ඇතුළු යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගි වු අතර, රෝහල් වෛද්‍ය වරුන් විසින් ඒ පිළිබඳ ඉදිරිපත් කිරිමක් මගින් සියළු දෙනා හට මනාව පැහැදිලි කර දෙන ලදි.