Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th April 2020 09:07:02 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කයන් තුල ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත සංචාරය කරන ලදි

දැනට රටතුල පවතින කොරෝනා වෛරස තත්වය හේතුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂනය මත 11 වන සේනාංක බළප්‍රදේශයේ (මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කයන්) තුල නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කරන ලදී.

එමෙන්ම නවතමයෙන් ඉදිරිකරන ලද පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහල හා නිරෝධායන මධ්‍යස්ථාන නිරික්‍ෂනය කිරිම සඳහා 2020.04.17 වන දින මෙම මූල ආඥාපති තුමන් ඇතුළු 11 වන සේනාංකාදිපති හා 112, 111 බළසේනාධිපති වරුන් මෙන්ම ඒකක අණදෙන නිලධාරින්ද එම නිරික්‍ෂනය සංචාරය සඳහා සහභාගි වන ලදි.