Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th March 2020 11:42:53 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන‍ මධ්‍යම 7 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථාන‍ මධ්‍යම 7 වන සංවත්සරය ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන‍‍ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අයුරින් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.

ඒ අනුව සංවත්සරයට සමගාමිව 2020.03.13 වන දින ආගමික වාතාවත් වෙනුවෙන් රාත්‍රි පිරිත් සජ්ඡායනාවක් කඳවුර තුල සිදු කල අතර, පසුව 2020.03.14 වන දින උදෑසන සංගයා වහන්සේලා සිව් පස්නමක්හට හීල් දානය පිලිගන්වන ලදි.

ඉන් අනතුරුව 9 ශ්‍රිලංකා සිංහ‌ෙ රෙජිමේන්තුව ඒකකය වෙතින් කඳවුරු මුරය හා සම්මාන පෙලපාලියක් අඥාපති තුමන්හට පිරිනැමු අතර, පසුව ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සියළු නිළ භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. එමෙන්ම එදින රාත්‍රියේ මුතුකුමරු ක්‍රිඩාංගනයේ රණවිරු රියල්ස්ටා තේරිපත්වු ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් සංගිත රාත්‍රියක් පවත්වන ලදි.