Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th March 2020 17:46:47 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ රාජකාරි සුභ මොහොතින් භාරගැනිම

ආරක්‍ෂක සේනා මධ්‍යමහී ප්‍රධාන ශාඛාවේ නව ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් විජයභාහු පාබල රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර්නල් ඩබ්ලිවි ඩබ්ලිව් එම් පි කේ විජේකෝන් ආර්එස්පි (නි/3440) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 මාර්තු මස 10 වන දින 1040 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 1991 වර්ෂයේදි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැදි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි තුමන් මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.