Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th March 2020 16:02:11 Hours

ලිපිකරු දැණුම වර්ධනය කිරිම ස‍ඳහා වැඩමුළුවක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත මෙම බළප්‍රදේශයෙහි රාජකාරි නියුතු සෙසුනිළයින්ගේ ලිපිකරු දැණුම වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ලිපිකරු වැඩමුළුවක් 2020.02.24 වන දින සිට 2020.03.05 දින දක්වා මෙම මුලයේ දේශණ ශාලාවේදී පත්වන ලදි.

වැඩමුළුව ස‍ඳහා ආරක්‍ෂක සේනා මුලස්ථනය හා යටතේ පාලනය වන සේනාංක, බළසේනා මූලස්ථාන මෙන්ම ඒකකයන්හි රාජකාරි නියතු සෙනින් 21 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගිවන ලදි. තවද, මෙම වැඩමුළුවේ අවසාන දේශණය සඳහා මෙම මූලයේ කර්නල් (ප්‍රමා) වශයෙන් රාජකාරි කරනු ලබන කර්නල් කේ ඩි එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදී.