Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th March 2020 15:52:42 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 12 වන සේනංක බළප්‍රදේශයට අයත් බුත්තල ප්‍රාදේශිය ලේඛම් කාර්යාලය මගින් බුත්තල නගරය හා ඒ අවට වටපිටාවෙහි ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනිම සඳහා බුත්තල නගරය පිරිසිදු කිරිමේ විශේෂ වැඩසටහනක් 2020.03.02 වන දින පවත්වන ලදි.

මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය ලබාදුන් අතර, ශ්‍රමදානය නිළධාරින් සහ සෙසුනිළයින් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව බුත්තල ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේ නිළධාරින් සහ නගරය අවට මහජනතාවගේ සහාභාගිත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව නිමකරණ ලදි.