Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th March 2020 12:53:20 Hours

ඉන්දියානු යුද්ධ හමුදා නිලධාරින් ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති තුමන් හමුවේ

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය අනුමැතිය මත ඉන්දියානු යුද්ධ හමුදාවේ රාජකාරි ඉටුකරනු ලබන “ BRIGADIER ARUN KUMAR BHARADWAJ, COLONEL MUDIT MAHAJAN ”යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.03.05 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.

එහිදී ආඥාපති තුමන් හා ඉන්දියානු නිලධාරින් දෙදෙනා අතර සුහද හමුවක් පැවැත්වු අතර, සුහදත්වය යළි සිහිපත් කරමින් ඒ සඳහා උනන්දුවක් දක්වන කරුණු කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ. තවද, මෙම සුහද හමුව අවසානයේ ආඥාපති තුමන් විසින් සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සංචාරයේ නිරත එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.