Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd March 2020 12:26:47 Hours

සිරස ගම්මැද්ද වැඩසටහන යටතේ “පරිසරය සුරකිමු වනවගා සිදුකරමු” යන තේමාව පෙරදැරි කරමින් යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත රුක් රෝපණ වැඩසටහනක් සිදු කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති නරියා කන්ඳ (FOX HILL)හි තෝරාගන්නා ලද භූමියක සිරස ගම්මැද්ද වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක් 2020.02.29 වන 0800 පැයේ සිට 1200 පැය දක්වා කාලය තුල අති සාර්ථක අයුරින් පවත්වන ලදි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගිවු අතර, වැඩසටහන සර්ථක අයුරින් සිදුකිරිම වෙනුවෙන් මෙම මුලය හා යටතේ රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම නිලධරින්,සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් හා සංවිධායක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම විශ්ව විද්‍යාල හා පාසල් දරු දැරියන් විශාල සංඛ්‍යාවක් එක්ව පැල 2000ක ප්‍රමාණයක් රෝපණය කරන ලදි.

තවඳ,“පරිසරය සුරකිමු වනවගා සිදුකරමු” යන තේමාව පෙරදැරි කරමින් අනාගත පරපුරහට පරිසරයේ සුන්දරත්වය හා චමත්කාරය මනාව දැකගැනීම අරමුණින් යුතුව වැඩසටහන සංවිධාන කටුයුතු සිදුකරන ලද සිරස ගම්මැද්ද සංවිධායක මණ්ඩය වෙතින් ඒ සඳහා පුර්ණ අනුමැතිය ලබාදුන් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට හා සහභාගිවු භටපිරිස්හට හදපිරි ස්තුතිය පුද කරන ලදී.