Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2020 15:56:40 Hours

සැම්බියන් යුද්ධ හමුදාධිපති තුමන් සංචාරයක් සඳහා දියතලාවට පැමිණීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශ්වික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟින් හමුදා නියෝජිතයින් 6 දෙනෙකු සුහද සංචාරයක් සඳහා දියතාලාවට පැමිණෙන ලදි.

එතුමන්ගේ නියෝජිත පිරිසට ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි සැම්බියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් සිමුසන්දු (Brigadier General Simusandu), පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ජී. නැග්ඇන්ඩ්වේ (Brigadier General G Ng’andwe), ප්‍රතිපත්ති හා උපාය මාර්ග නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල්, කර්නල් ලෙනාඩ් පීටර් ඩකා (Colonel Leonard Peter Daka), සැම්බියා ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යක්‍ෂක, කර්නල් ජෙත්රෝ් චිපිලි (Colonel Jethrow Chipili), ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, කර්නල් ටී. බණ්ඩා (Colonel T Banda), විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම් ෂප්වායා (Lieutenant Colonel M Shapwaya) සහ හමුදාධිපති අධිසහයක කපිතන් එම්. මුලෙන්ගා (Captain M Mulenga) යන නිලධාරීන් ඇතුලත් වූහ.

තවද, එතුමන් පිළිගැනීම සඳහා 2020.02.22 වන දින දියතලාවේ පිහිටි සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨයේ හෙලිපතයේදී ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, එතුමන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ, අඥා මූලස්ථානය යුද්ධ හමුදා පුහුණු, නුවරඑළිය හග්ගල මල්වත්ත හා පේද්‍රෝ තේ කම්හල වෙත සංචාරය කරන ලදී.

තවද, සැම්බියන් යුද්ධ හමුදාධිපති තුමා ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිළධාරි නිවස්නයේ රාත්‍රි හෝජන සංග්‍රහයට පැමිණි අතර, එතුමන්ගේ සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් සමරු තිලිණයක් එතුමන් වෙත සහ නියෝජිත පිරිසට ප්‍රධානය කරන ලදී. තවද, පසු දින උදැසන ආහාරය ලබාගෙන අමුත්තන්ගේ සටහන් පොතේ මතක සයහන් තබා ආඥාපති තුමන් හට සහ සියලුම නිළධාරින් වෙත ස්තුතිය පුද කරමින් නික්ම යන ලදී.