Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2020 15:17:21 Hours

11 වන සේනාංකයේ 10 වන සංවත්සරය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති 11 වන සේනාංකයේ 10 වන සංවත්සරය 2020 පෙබරවාරි මස 15 වන දින වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ජී එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ‌ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් කඳවුරු භුමියේදි පවත්වන ලදි.

ඒ අනුව 2020.02.15 වන දින සේනාංක ධජයට සෙත් පතා ශ්‍රි දළදා වහන්සේ වෙත ගිලන්පස පූජාවන් සහ කිරි ආහාර පූජාවන් පවත්වන ලදී. තවද, 10 වන ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරි සහ සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් සම්මාන මුරයක් සහ පෙළපාලියක් පිරිනැමු අතර, 11 වන සේනාංකය යටතේ පාලනය වන බළසේනා මූලස්ථාන සහ ඒකකයන්හි රාජකාරි නියතු නිලධාරින් සහ සෙසු නිලයින් හට භඨපිරිස් ඇමතිමක් සිදුකර ඉන් අනතුරුව සියළු නිළ දිවා භෝජන සංග්‍රහයක් පවත් වන ලදී.