Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th February 2020 11:52:57 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත හදිසි ගිණි ගැනීමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති මහනුවර දිස්ත්‍රික්කයේ උඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හන්තාන කදු මුදුන් රක්ෂිතයේ 2020.02.‍10 වන දින ඇතිවු හදිසි ගිණි ගැනීම් තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 111 බළසේනා මුලස්ථාන බළසේනාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් පරිදි යුද්ධ හමුදා භට පිරිස් සංඛ්‍යාවක් එම ස්ථානය වෙත කඩිනමින් රපොර්තු කරවන ලදි.

ඒ සඳහා 111 බළසේනාව යටතේ රාජකාරි කරනු ලබන 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙකු හා සෙසුනිලයින් දොලොස් දෙනෙකු සහභාගි වු අතර, ඔවුන්ගේ දැඩි පරිශ්‍රමයෙන් එම හදිසි ගිණි ගැනීම සහමුලින්ම මැඩපවත්වන ලදී.