Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th February 2020 11:07:21 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත හදිසී ගිණි ගැණිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බිදුනුවැව මධුවල්පතන ප්‍රදේශයෙහි රක්‍ෂිතයක 2020.02.09 වන දින ඇතිවු හදිසි ගිණි ගැනීම් තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 112 බළසේනා මුලස්ථාන බළසේනාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් පරිදි යුද්ධ හමුදා භට පිරිස් සංඛ්‍යාවක් එම ස්ථානය වෙත කඩිනමින් රපොර්තු කරවන ලදි.

ඒ සදහා ආරක්‍ෂක සේනා මධ්‍යම හා 112 බළසේනාවෙහි රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙක් හා සෙසුනිලයින් විසි දෙනෙකු සහභාගි වු අතර, ඔවුන්ගේ දැඩි පරිශ්‍රමයකින් එම හදිසී ගිණි ගැනීම සහමුලින්ම මැඩපවත්වන ලදී.