Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th February 2020 15:08:37 Hours

72 වන නිදහස් සැමරුමට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් ශ්‍රමදානයක් පැවැත්වීම

72 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් ප්‍රකාරව මෙම මුල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණයෙන් යුතුව මෙම බළප්‍රදේශයේ හා බළප්‍රදේශයේ යටතේ පාලනය වන සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන, ඒකකයන් වෙතින් ශ්‍රමදාන වැඩසටහන් කිහිපයක් 2020.02.07 වන දින සාර්ථක අයුරින් සිදු කරන ලදි.

ඒ අනුව ආගමික ස්ථානයන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ස්ථානයන් ආර්වණය වන පරිදි වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ශ්‍රමදාන කටයුතු සිදු කරන හෙයින්, සිවිල් මහජානතාව වෙනුවෙන් යුද්ධ හමුදාවක් වශයෙන් මේ දිනවල සිදුකරනු ලබන සියළුම ප්‍රජාසත්කාර ක්‍රියාකාරකම් සිහිපත් කරමින් සහභාගිවු භටපිරිස් හා ඒ සදහා පුර්ණ අනුමැතිය මෙන්ම උපදෙස් ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියළුම අයවළුන් සිහිපත් කර තත් ස්ථානයහි ආගමික නායකයින් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් හි සේවය කරන සේවක සේවිකාවන් විසින් ස්තුතිය පුද කරන ලදි.