Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd January 2020 21:25:42 Hours

සියදිවි හානි කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැනීම වැලැක්වීම සඳහා මනොවිද්‍යාත්මක දේශණ මාලාවක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය මත සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැනීම වැලැක්වීම සඳහා මනොවිද්‍යාත්මක දේශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාර ‍වෛද්‍ය හා ම‌ානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් 2020.01.22 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨයේ ටෝච් සිනමා ශාලාවේදි පවත්වන ලදි.

ඒ සඳහා දේශක මඩුල්ල වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරි නියතු මේජර් යු පි මල්ලවආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළු විද්වත් දේශකයින් හතරදෙනෙකු සහභාගි වු අතර, එමගින් මිනිසා විසින්ම මතුකර ගන්නා ගැටළු හේතුවෙන් ජිවිතහානී කරගැනීම් මෙන්ම එයට හොඳම පිළිතුරක් වශයෙන් එම ගැටළු නිරාකරණය කර ගනිමින් ජිවිතය විඳවන්නට නොව විඳින්නට ඉඩ ප්‍රස්ථාව දිගහැර ගැනීමට ඉවහල්වන කරුණු කිහිපයක් පිළිබඳව එලිදැක්වීමක් මගින් විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි. මෙම දේශණය සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම යටතේ පාලනය වන පුහුණු පාසල් සහ ඒකකයන්හී රාජකාරි නියතු නිලධාරින් හා සෙසු නිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වුහ.