Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th January 2020 14:38:40 Hours

කතරගම වැඩසිටි කන්ද විහාරස්ථාන භූමියේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් පී එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 122 බළසේනා මුලස්ථානයෙහි බළසේනාධිපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ ශ්‍රි ලංකාවේ අති පූජනීය ස්ථානයක් හා දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත් කතරගම පූජා භූමියේ මුදුන් මල්කඩ වශයෙන් පිහිටා ඇති ‍‍‍‍වැඩසිටි කන්ඳ විහාරස්ථාන පූජා භූමියේ යුද්ධ හමුදා සෙබළුන්ගේ සහභාගිත්වයෙන් යුතුව ශ්‍රමදාන වැඩසටහනක් 2020.01.15 වන දින සාර්ථක අයුරින් සිදුකරන ලදී.

ඒ සඳහා 23 වන බළඇණිය ගජබා රෙජිමේන්තු ඒකකය මෙන්ම 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේහි රාජකාරි ඉටුකරනු ලබන නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන වැඩසටහන සිදු කරනු ලැබු අතර, යුද්ධ හමුදා වෙතින් සිවිල් මහජනතාවට මෙන්ම රටතුල පිහිටා ඇති සියළුම ආගමික ස්ථානයන් අලංකාර කරගැනීම හා අනාගත පරපුර වෙනුවෙන් කරන ලද සමාජ සත්කාර ක්‍රියාකරකම් සිල්ලම සිහිපත් කරමින් වැඩසිටි කන්ද විහාරස්ථානයේ වැඩවාසි සියළුම සංඝයා වහන්සේලා විසින් ආශිර්වාද කරන ලදී.