Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th January 2020 15:45:22 Hours

අඩු අදායම්ලාභි පාසල් දරු දැරියන් හට යුද්ධ හමුදා සෙබළුන්ගේ දායකත්වය මත පාසල් උපකරණ ලබාදීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථානය විසින් මොනරාගල සියඹලාණ්ඩුව ගලේආරාව කණිෂ්ඨ විද්‍යාලය හා කෝන්ගස්පිටිය කණිෂ්ඨ විද්‍යාලය මෙන්ම බරවාය ප්‍රාථමික විද්‍යාලීය සිසු සිසුවියන් 202 කට අවශ්‍ය පොත් පත් ඇතුළු පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 2020.01.06 වන දින මොණරාගල ගලේආරාව විදුහල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

එම වැඩසටහන සඳහා පුර්ණ අනුග්‍රහය කෙයාරින් හර්ට්ස් ශ්‍රි ලංකා ආයතනය මගින් ලබා දුන් අතර, 121 බළසේනා මුලස්ථාන බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනේ සියළු කටයුතු සුභමොහොතින් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන්සිල දැල්වීමෙන් අනතුරුව පාසල් දරු දැරියන් විසින් සංවිධානය කරනු ලැබූ විශේෂාංග රැසක් එලිදැක්වීමෙන් අනතුරුව පාසල් උපකරණ දරු දැරියන් හට බෙදා දෙන ලදී.