Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th January 2020 21:11:47 Hours

රුක් රෝපණ වැඩසටහනක් සඳහා යුද්ධ හමුදා සහයෝගය ලබාදීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් පාලනය වන 11 වන සේනාංක මුලස්ථානය බළප්‍රදේශයේ පිහිටා ඇති උඩුදුම්බර පෝප්පිටිය ග්‍රාමසේවා වසමේදි මී පැල සහ කුඹුක් පැල 1000ක් සිටුවීමේ වැඩසටහනක් 2019.12.31 වන දින 0800 පැයේ සිට 1200 පැය දක්වා කාලය තුල සාර්ථක අයුරින් පවත්වන ලදි.

එම අවස්ථාව සාර්ථක අයුරින් සිදු කිරිම සඳහා සංවිධායක මඩුල්ල විසින් 11 වන සේනාංකාධිපති තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රිලංකා යුද්ධ හමුදා රයිෆල් බලකායේ එක් නිලධාරියෙකු හා සෙසුනිලයින් 25 කින් යුත් භටපිරිස් සංඛ්‍යාවක් සහභාගීවු අතර, අනාගත මල් කැකුළුහට පරිසරයේ සුන්රඳත්වය හා චමත්කාරය මනාව දැකගැනීම අරමුණින් යුතුව රුක්රෝපණ වැඩසටහන සංවිධාන කටුයුතු සිදුකරන ලද අරුණාලෝක පදනම කෙන්ගල්ල පුරාණ විහාරස්ථානය වෙතින් ඒ සඳහා පුර්ණ අනුමැතිය ලබාදුන් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට හා සහභාගිවු භටපිරිස්හට ස්තුතිය පුද කරන ලදී.