Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st January 2020 16:42:48 Hours

11 වන සේනාංකයේ නිලධාරින් සෙසුනිලයින් උදෙසා විශේෂ සුහද හමුවක් පැවැත්වීම

ආසේමු මධ්‍යම බළප්‍රදේශය වෙතින් පාලනය වන 11 සේනාංකාය හා යටතේ රාජකාරි ඉටුකරන ලද නිලධාරි හා සෙසුනිලයින් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී 2019.12.28 වන දින විශේෂ සුහද හමුවක් පවත්වන ලදි.

එම සුහද හමුව 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, ඒ සඳහා 111 බළසේනාධිපති හා 112 බළසේනාධිපති මෙන්ම එම බළසේනා යටතේ පාලනය වන සියළුම ඒකකයන්හි අණදෙන නිලධාරින්ද සහභාගිවන ලදි.