Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th December 2019 16:36:43 Hours

“පරිසරය පූජනීයයි” තේමාව පෙරදැරි කරගනිමින් කිරින්ඳ මුහුදු වෙරළ තිරයේ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකිරිම

අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම මූල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණයෙන් යුතුව දෙස් විදෙස් අකාර්ෂණය දිනාගත් දිර්ඝ ඉතිහාසයක් ඇති හම්බන්තොට කිරින්ඳ මුහුදු තීරයේ ශ්‍රමදාන වැඩසටහනක් 2019.12.29 වන දින සිදුකරන ලදි.

එම ශ්‍රමදාන වැඩසටහන සඳහා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශය වෙතින් පාලනය වන 12 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති ඇතුළු 121 හා 122 බළසේනාධිපති වරුන් මෙන්ම ඒකකයන්හි අණදෙන නිලධාරි වරුන් හා සෙසුනිළයින් තුන්සියයකට අධික සංඛයාවක් සහභාගිවු අතර, වෙරළ තිරයේ කිලෝ:මි 10කට අධික ප්‍රදේශයක් එම භටපිරිස්ගේ ශ්‍රමදායකත්වය මත සුද්ද පවිත්‍ර කරන ලදි.