Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th December 2019 11:29:45 Hours

දොළුව ප්‍රදේශයේ පාසල් සිසුන්හට පාසල් උපකරණ ලබාදීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 111 බළසේනා මුලස්ථානය විසින් 2019.12.23 වන දින දොළුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පිහිටි ඉඟුරුවත්ත කනිටු විදුහලේ අඩු ආදායම් ලාභි පවුල්වල සිසු දරුදැරියන් හට පොත්පත් හා අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබා දිමේ වැඩසටහනක් සිදුකරන ලදි.

ඒ සදහා රනිල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පවුලේ අය විසින් අනුග්‍රහාය දක්වන ලද අතර, 111 බළසේනා මුලස්ථානයේ කාර්ය මණඩලය හා ගම්පොල ප්‍රදේශිය අධ්‍යාපන අධ්‍යක්‍ෂක තුමා සහභාගි වන ලදි.

ඒ අනුව එම වැඩසටහන සඳහා සුළු උත්සවයක් සංවිධානය කර පහත සඳහන් පරිදි පාසල් අවශ්‍යතා උපකරණ පරිත්‍යාග කරන ලදි.

1.සෑම සිසුවෙක් හටම සපත්තු කූට්ටමක් ලබා දිම.

2. සෑම සිසුවෙකුටම පොත් බෑග් ලබාදිම.

3. 2020වසර සඳහා පෙත් හා පාසල් උපකරණ ලබාදිම.

තවද උත්සවය සංවිධානයට පෙර දවසේ ශ්‍රමදානයක් පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් සිදුකරන ලැබු අතර, ඒ සඳහා 111 බලසේනා මුලස්ථානයේ රාජකාරියේ නියතු භඨපිරිස්ගේ උපරිම සහයෝගය ලබාදෙන ලදි. උත්සවය සඳහා සහභාගි වු සිසුන් හට දිවා අහාරයද 111 බලසේනා මුලස්ථානය විසින් ලබාදෙන ලදි.