Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th December 2019 20:48:11 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වැඩ භාර ගැනීම

ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම වෙතින් පාලනය වන 12 සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටු කරණු ලැබු සේනාංකාධිපති තම රාජකාරි කාලසීමාව අවසන් කොට නව රාජකාරි ස්ථානයක් සඳහා නික්ම යාමෙන් පසු 2019.12.23 වන දින එම සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් ඒ එල් පී එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

එම අවස්ථාව සඳහා සේනාංකය වෙතින් පාලනය වන බළසේනා මුලස්ථාන ඒකක හා පුහුණු පාසල් හි රාජකාරි ඉටු කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගිවු අතර, 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි ඉටුකරනු ලබන නිලධාරි සෙසුනිලයින් විසින් එදින කඳවුරු මුරය හා සම්මාන පෙළපාලිය නව සේනාංකාධිපති වශයෙන් වැඩභාරගත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි හට පුද කරන ලදි. එහිදී ආගමානු කුලව ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව සේනාංක පරිශ්‍රයේ සුභ මොහොත සිහිකිරිම වස් සදුන් පැලයක් රෝපණය කරන ලදි. තවද, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගිවීමෙන් අනතුරුව භටපිරිස් ඇමතිමක්ද සිදු කරන ලදි.