Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th December 2019 14:14:26 Hours

සුභ සාධන සේවා සිදුකිරිම සබැඳිව දැනුවත් කිරිමේ වැඩමුළුව පැවැත්විම

ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිළධාරින් සහ සෙසුනිළයින්ගේ සුභසාධක කටයුතු සඳහා යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් නිලධාරින් තිදෙනෙකුගෙන් සහ සෙසුනිළයින් සිවු දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලය විසින් 2019/12/19 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල ස්වෙච්ඡා පුහුණු පාසැලේ දේශන ශාලාවේදි සුභ සාධන සේවා පිළිබඳ දේශනයක් ඉතා සාර්ථකව පවත් වන ලදි.

අදාළ කටයුත්ත සඳහා ආසේමු මධ්‍යම අඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු වන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ මෙම මුල ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය මත ආසේමු යටතේ රාජකාරි කරනු ලබන සේමු/බසේමු/ඒකක හා පුහුණු පාසැල් නියෝජනය වන පරිදි නිලධාරි/ සෙසුනිළයින් 25 × 200 දෙනෙකු සහභාගි කරවන ලදි.