Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th December 2019 14:16:43 Hours

ඇල්ල කදුවැටිය ගින්නෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත ජෛව වැටක් සකස් කිරිම

ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ දෙස් විදෙස් ආකර්ශණ දිනාගත් ඇල්ල ප්‍රදේශයේ ඇතිවු ලැව් ගිණි හා අපදා තත්වයන් හේතුවෙන් විනාශයට පත්වු සුන්දරත්වය හට නැවත ප්‍රාණය ලබාදීමේ අරමුණින් යුතුව ඌව වෙල්ලස්සේ හෙළ ජන එකමුතුව මගින් ඇල්ල කදු වැටිය ගින්නෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා ජෛව වැටක් 2019.12.11 වන දින සකස් කරන ලදි.

එම කටයුත්ත සඳහා ආසේමු මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම මුල ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධිකරණ නිළධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මෙම මුලය හා යටතේ රාජකාරි කරනු ලබන 01x50 දෙනෙකු සහභාගි කරවන ලදි. තවද, රට තුල යම් යම් අපදාතත්වයන් හා සෑම අවස්ථාවක් හා සෑම කටයුත්තක්ම නොපිරිහෙලා අනාගත පරපුර වෙනුවෙන් මුලිකත්ව ගෙන සිදු කරන ලද යුද්ධ හමුදාධිපති හා සියළුම රණවිරුවන් සිහිපත් කරමින් එම අවස්ථාව සඳහා හමුදා භඨපිරිසකගේ උපරිම සහය ලබාදීමට උපදෙස් ලබාදුන් සියළුම ජ්‍යෙෂ්ඨ නිළධාරින් හට එකමුතු කැල මගින් හදපිරි ස්තුතිය පුද කරන ලදී.