Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th December 2019 20:02:04 Hours

කුරිරු ත්‍රස්තවාදින්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් රණක්‍ෂිතයටපත් යුද්ධ හමුදා හා නාවික හමුදා සෙබළුන් දෙදෙනාගේ පා ගමන ආසේමු (මධ්‍යම) බළප්‍රදේශය තුල සිදු කිරිම

තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රි ලංකා මාතෘ භූමිය රැක ගැනීමේ අරමුණින් යුතුව ජිවිත මෙන්ම තම ශරිර කොටස් අහිමිකර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් නිදහස් දේශයක් හා නිදහස් රටක් උදාකර දුන් විශාල රණවිරුවන් ප්‍රමාණයක් අද වන විට රණක්‍ෂිතයට පත්ව සිටි.

එබැවින් එම රණක්‍ෂිතයට පත් සෙබලුන් හට නව උද්යෝගයක් හා නව ලෝක වාර්ථාවක්ද එක් කරමින් යුද්ධ හමුදා හා නාවික හමුදා රණක්‍ෂිතයට පත් රණවිරුවන් දෙදෙනෙකු විසින් සැලසුම් කරන ලද පා ගමන ඉකුත් 2019.12.05 වන දින ගිණිගත්හේන සිට දියගල දක්වාද, 2019.12.06 වන දින දියගල සිට නල්ලතන්නිය දක්වා පැමිණිනෙන අවස්ථාවේදි මෙම මුල බළප්‍රදේශවෙත ඇතුළුවු එම අභිත රණවිරුවන් දෙදෙනාහට මෙම මුලය හා යටතේ පාලනය වන සේනාංක මුලස්ථාන, බළසේනා මුලස්ථාන, ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් මෙන්ම සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් ඔවුන් දෙදෙනා හට නොමද සහයක් දක්වන ලදි.