Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th December 2019 10:40:31 Hours

හදිසි අපදා තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

මෙම ආසේමු මධ්‍යම බලප්‍රදේශය තුල මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නායයැම් හා හදිසි අපදා තත්වයන් ලක්වන බැවින් ඒ සඳහා බලප්‍රදේශයේ පාලනය වන සේමු/බසේමු/ඒකයන්හි රාජකාරි නියතු නිලධාරින් සහ සෙසුනිලයින් මේ දිනවල පෙර සුදානමින් සිටින ලදි.

2019.12.05 වන දින අදික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මෙම බලප්‍රදේශයේ පිහිටි බණ්ඩාරවෙල, ඕබඩඇල්ල යන ස්ථානයේ දුම්රිය මාර්ගය මතට දැවැන්ත පස් කන්ඳක් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ගමනා ගමන කටයුතු ඇනහිට මගී ජනතාවට මහත් අපහසුතා රැසක් සිදු වු අතර, මෙය නැවත පිළිසකර කිරිම සඳහා මෙම මූලයේ රාජකාරි නියතු භඨපිරිස් විසිඑක්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා එම පස්කඳුවැටිය සම්පූර්ණයෙන්ම ඉවත් කර මාර්ගය යතාතත්වයට පත්කර දුම්රිය ගමනාගමනය සඳහා පහසුකම් සලසා දෙන ලදි.