Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st November 2019 10:10:47 Hours

දියතලාව විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන දුදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්වීමේ වාර්ෂික විවිධ ප්‍රසංගය - 2019

යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන මෙම ආරකෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉ‍ගෙනුම ලබන දුවාදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්විමේ වාර්ෂික විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝව් සිනමා ශාලාවේදි උත්කර්ෂවත් අයුරින් 2019 නොවැම්බර් මස 19 වන දින පවත්වන ලදි.

එම උත්සව අවස්ථාව ශ්‍රි ලංකා යුද්ධ හමුදා සංඥා බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි කේෂණි හෙට්ටිආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

තවද, තත් විවිධ ප්‍රසංගය වර්ණවත් කරමින් සිසු දරුදැරියන් තම හැකියවන් ඉදිරිපත් කරන ලද අතර, ඒ සදහා මෙම මුල රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් ඇතුළු සිසු දරු දැරියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගි වන ලදී.